මෙම විහාරය විශේෂ වන්නේ ඇයි.
01. දැනට ලංකාවේ ඇති එකම කොන්ක්‍රීට් වලින් පමණක් සැදුම්ලත් චෛත්‍ය වහන්සේ.
02. සම්පූර්ණ උස අඩි 60 ක් පමණ වේ.
03. පොළව තුළට අඩි 12 ක් පමණ භූගත වේ.
04. උමග තුළ භාවනා කුටි 20 ක්.
05. චෛත්‍ය ගර්භය තුළට පිවිසිය හැක.
06. සම්පූර්ණ සිමෙන්ති කොට්ට 2500 ක් පමණ. (දැනට 935 භාවිතා කර ඇත.)
කුරුණෑගල
දිස්ත්‍රික්කයේ ශ්‍රී සංඛපත්ම විහාරය,
බන්ඩාරකොස්වත්ත, ඉහල මොරගොල්ලෑව යන
ලිපිනයේ ඉදිවුන මේ විහාරයේ දැනට විහාරාධිපති
පූජ්‍ය කෝරලයාගම සද්ධාවිමල හාමුදුරුවන් වහන්සේගේ අදහසකට අනුව විහාරයේ දැනට
ඉදිවෙමින් පවතින් පොළව යට විහාරය එහි ඉහල කොටසේම චෛත්‍ය වහන්සේ සහ උමං මාර්ගය තුල
භාවනා කුටි 20 ක් ඇතුලත්ව ඉදිවන මෙම විහාරය මත ඉදිවන චෛත්‍ය
වහන්සේ දැනට ලංකාවේ ඇති එකම කොන්ක්‍රීට් වලින් පමණක් නිර්මාණය කරන එකම චෛත්‍ය
වහන්සේ වේ.
දැනට
සිමෙන්ති කොට්ට 935 ක් පමණ භාවිතා කර ඇත. මුලු සිමෙන්ති ප්‍රමාණය කොට්ට 2500 ක් පමණ වෙතැයි ගණන් බලා ඇත. එමෙන්ම දැනට වැඩ කටයුතු සඳහා විහාරයේ
සිවුපසේයෙන් ලැබෙන මුදල් හා ද්‍රව්‍යමය ආධාරත් පරිත්‍යාගශීලීන්ගේ ආධාරත් සහ
විහාරාධිපතින් වහන්සේගේ පුද්ගලික මුදලින් මෙතෙක් දුර වැඩ කටයුතු සිදුකර ඇත.
මෙම විහාරස්ථානය ඉදිරියේදී සියලුදෙනාට නරඹා
වන්දනාමාන කරගතහැකි ස්ථානයක් ලෙස සාදවා නිම කරනු ඇත.
ඉතිරි වැඩ කටයුතු නිම කර ගැනීම සඳහා පිං කැමති
ඔබගේ නොමසුරු ආධාරරෝපකාර බලාපොරොත්තු වෙමි. විහාරාධිපතින් වහන්සේ.
පූජ්‍ය සද්ධාවිමල හිමි
- 071-344 30 63 / 076-419 18 59 සහ
037-57 80 482 උන්වහන්සේ සම්බන්ධ කරගත හැක.
037-57 80 482 උන්වහන්සේ සම්බන්ධ කරගත හැක.
තෙරුවන්
සරණයි..!








